April 24, 2024

පාර්ලිමේන්තුවට අමුතු වාහන පෙළක්! මන්ත්‍රීවරු පිරිසක් සුපිරි රථ අතහරී (PHOTOS)

ආණ්ඩුව අත්තනෝමතික ලෙස තෙල් මිල ඉහල දමමින් ජනතාවට කළ පීඩනයට එරෙහිව සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් විසින් අද(22)පෙරවරුවේ විරෝධතාවක් පවත්වනු ලැබීය.

සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ සිට පාර්ලිමේන්තුව දක්වා විරෝධතා රිය පෙලපාලියකින් මන්ත්‍රීවරුන් පැමිණි අතර විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම විරෝධතාවය සිදු කෙරිනි.

එම විරෝධතා පා ගමනට ඉන්ධන භාවිත කරන විවිධ ක්ෂේත්‍රවල පිරිස් හා වාහනද ඊට එක් කරගෙන තිබෙන අයුරු දැකගන්නට පුළුවන්.

අනතුරුව මන්ත‍්‍රීවරුන් පාපැදි සහ කරත්තවලින් පාර්ලිමේන්තුවට පැමිණියේය.

ජනතාව ඉතා අසීරු තත්ත්වයකට පත් පත් වැටී තිබිණ අවස්ථාවක ඉන්ධන මිල වැඩි කිරීම දරාගත නොහැකි තත්ත්වයක් බවද පවසන එම පක්ෂය ඉදිරියේදී රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කිරීමටද කටයුතු සූදානම් කර තිබෙනවා.

Rate this item
(0 votes)