March 29, 2024

අපි හිතන් හිටියෙත් ඇතුලේ අර්බූදය සුළුයි කියලා: දැනුයි තේරෙන්නේ වැඩේ බරපතල බව

පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂවලට ප්‍රධාන පක්ෂයෙන් පීඩනයක් එල්ල වන බව සැබෑවක් බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

එහෙත් පොදුජන පෙරමුණෙන් එල්ල වන එම බලපෑම ඉතා සුළු බලපෑමක් ලෙස තමන් මෙතෙක් කල් සිතා සිටි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අපි හිතන් හිටපු දේ වැරදියි

එහෙත් පොදු ජන පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා තමා වෙත කිසිදු පදනමකින් තොරව නිකුත් කළ ලිපිය මත එම බලපෑම සුළු නොව ඉතා බරපතළ එකක් බැව් තමන් ඇතුළු විකල්ප කණ්ඩායමට දැන් හැඟී ගොස් තිබෙන බවද අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

මීට පෙර විමල් වීරවංශ අමාත්‍යවරයා සමග ගැටුණු පොදුජන පෙරමුණ ලේකම්වරයා දැන් තමන් සමග ප්‍රශ්න ඇති කරගෙන තිබුණද ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් නොගැනීම මත ඔහු පිටුපස ප්‍රබල බලවේගයක් සිටින බව තහවුරු වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ලේකම් පිටුපස ප්‍රබල බලවේගයක්

තමන්ට එරෙහිව පොදු ජන පෙරමුණ මහ ලේකම්වරයා නිකුත් කළ ලිපිය පදනම් රහිත බව ජනපති හා අගමැති පිළිගෙන තිබියදීත් පොදු ජන පෙරමුණ ලේකම්වරයා සිය ස්ථාවරයේ දිගටම සිටින්නේ එම බලවේගය සහාය මත බවද පෙන්වා දෙන අමාත්‍යවරයා තමන්ද එම බලවේගය කවුරුන්ද යන්න සොයමින් සිටින බවයි සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් තමාට නම් තුනක් පිළිබඳ සැකයක් තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ දෙරණ රූපවාහිනියේ වැඩ සටහනකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 11:03