April 19, 2024

මන්ත්‍රීකම පුම්බන්න රනිලුත් දෙකයි පනහේ වැඩක

හෙට (23) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊට ප්‍රචාරය ලබා ගැනීම වස් සම්ප්‍රදායික බංකොලොත් දේශපාලන ක්‍රමවේදයට අනුගත වී තිබෙනවා.

දිවුරුම් දීම ජාතියේ විජයග්‍රහණයක්

ඒ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා නියෝජිතයින්ට තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය රටේ විජයග්‍රහණයක් සේ සැලකෙන ආකාරයෙන් පෝස්ටර් ඇලවීමට උපදෙස් ලබා දී තිබීමයි.

ඒ අනුව මේ වන විට දැනට සිටින පළාත් පාලන නියෝජිතයන් මෙන්ම අලුතින් පත් කරන ලද පළාත් පාලන නියෝජිතයන්ද රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ඇතුළත් පෝස්ටර් ඇලවීමේ ව්‍යාපාරයක නියැලී සිටිනවා.

පෝස්ටර් ඇලවීම මන්ත්‍රීවරුන් අතින්ම

මෙහි විශේෂත්වය වන්නේ පෝස්ටර් ඇලවීමේ වැඩ කටයුත්ත අදාල ප්‍රාදේශීය සභා නියෝජිතයන් විසින්ම කිරීමයි.

එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායිකාව වන ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය සිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක රනිල් වික්‍රමසිංහ මහතාගේ පෝස්ටරයක් අලවන ඡායාරූපයක් සිය මුහුණු පොතට එක් කොට තිබීමෙන් එය තහවුරු වනවා.

තමන් පැනවූ නීතිය තමන්ම කැඩීම

පසුගිය මහ මැතිවරණයෙන් එකදු මන්ත්‍රීධූරයක්වත් දිනා ගැනීමට නොහැකිව අන්ත පරාජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂයට මුළු රටින්ම හිමි වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් වන අතර රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමට සූදානම් වන්නේ එම මන්ත්‍රී ධූරයේය.

එහි ඇති විශේෂත්වය වන්නේ මහ මැතිවරණයකදී පරාජය වන කිසිදු අපේක්ෂකයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා නොදෙන බවට රනිල් වික්‍රමසිංහ මහතාම පනවා තිබූ නීතිය ඔහු විසින්ම කඩ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිව්රුම් දීමයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 06:25