April 18, 2024

විරෝධතාවයක් මැද අන්තරේ පොලීසියෙන් කේක් ඉල්ලයි (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සුදානම් කර තිබූ උද්ඝෝෂණයක් විසිරුවා හැරීමට පොලීසිය පැමිණි අවස්ථාවේ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගත්තා. 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොටුව දුම්රිපොළ ඉදිරිපිට  “වසංගතයට මුවා වී සම්මත කිරීමට සැරසෙන නිදහස් අධ්‍යාපනය වනසන කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමනු!” මැයින් පැවැත්වූ උද්ඝෝෂණයට කොටුව පොලීසිය විසින් මැදිහත් වීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හට ගත්තා.

එහිදී ශිෂ්‍ය පිරිස් විසින් ගෙනත් තිබූ පඹයෙකුද පොලීස් නිලධාරීන් විසින් උදුරාගෙන රැගෙන යන ආකාරයද දැකගන්නට හැකි වුණා. 

උණුසුම් වචන හුවමාරුවකින් පසුව පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානයෙන් පිටත්ව යන අතර වාරයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් පවසා සිටියේ “මහත්තයෝ, හෙට උපන්දින පාටියක් තියෙනවා කේක් ගෙනත් දෙන්න බැරිද?” යනුවෙනි. 

එම අවස්ථාවේ නැවත උණුසුම් තත්ත්වයක් හට ගත් අතර පොලිස් නිලධාරියෙකු විසින් ශිෂ්‍යයෙකුගේ දුරකථනයක් ද පොළොවේ ගසන ආකාරය දැකගත හැකිවිය.

එම අවස්ථාවේ සිදුවීමේ විඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 21 June 2021 18:00