April 19, 2024

දැඩි කළකිරීමක සිටින ඇමැති පිරිසක් කොළඹදී රහස් සාකච්ඡාවක Featured

මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ මේවන විට කලකිරීමකින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳවයි.

මේ තත්ත්වය පිළිබඳව පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාල මැති ඇමැතිවරුන් පිරිසක් සාකච්ඡා කිරීමට සූදානමින් සිටියත් එය අසාර්ථක වී ඇතැයි වාර්තා වනවා.  

ඉන්ධන මිල වැඩි කිරීමත් සමග ඇතැම් මැති ඇමැතිවරුන් සිය ගම්පළාත්වල වාහනයෙන් ගමන් කරන විට පවා ජනතාව කෑකෝ ගසමින් විරෝධය දක්වන තත්ත්වයක් පවතින බවයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු ප්‍රකාශ කළේ.  

ඇතැම් ඇමැතිවරුන්ට ප්‍රදේශවාසීන් දුරකතනයෙන් අමතා බරපතළ ලෙස චෝදනා කරන බව ද ඔහු සඳහන් කරනවා.

පවතින තත්ත්වය පිළිබඳව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් කොළඹදී රැස්වී පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් කර තිබෙන බව වාර්තා වනවා.

ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් කිසිදු විකල්ප විසඳුමක් ලබාගැනීමට නොහැකි වූ බව එම ඇමැතිවරයා ප්‍රකාශ කළා.  

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 06:30

Related items