April 25, 2024

මව්කිරි දීම දුරදිග ගිහින් 21ක් හැවිරිදි පියා සිඟිති දියණියව මරා දමයි (VIDEO)

ලෝක පියවරුන්ගේ දිනය යෙදී තිබුණු ඊයේ (20) දිනයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් පියෙකු කළ අමානුෂික ඝාතනයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තියෙනවා.

ත්‍රිකුණාමලයේ කප්පල්තුරෙයි ප්‍රදේශයේ දී මෙම අවාසනාවන්ත සිදුවීම වී තිබෙන අතර එහිදී අවුරුදු 21ක් වූ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පියෙකු විසින් තම මාස 08ක් පමණ සිඟිති දියණිය ඝාතනය කර තිබෙනවා.

මෙහිදී සිඟිති දියණිය බේරා ගැනීම සඳහා සැකකරුගේ බිරිඳගේ මව මැදිහත්ව තිබුණු අතර සැකකරු විසින් ඇයගේ අතෙහි මැණික් කටුව ප්‍රදේශයෙන් අත වෙන්වී යන ලෙස කඩුවකින් කොට ඇති බවයි සඳහන් වෙන්නේ.

කැපුම් තුවාල ලබා සිටි අදාළ කාන්තාව ප්‍රදේශ වාසින් මැදිහත්ව ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කරන්නට කටයුතු යොදා තිබුණා. පොලීස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මැදිහත්ව ඇයගේ වෙන්වී ගිය අත් කැබල්ලද රෝහල වෙත ගෙනගොස් තිබුණු බවයි සඳහන් වෙන්නේ.

මෙම සැකකරුගේ බිරිඳ ද බාල වයස්කාරියක වන අතර ඇයට වයස අවුරුදු 15ක් බවයි සඳහන් වන්නේ.

මෙම ඝාතනය සිදුවීම සම්බන්ධයෙන් එම සැකකරුගේ බිරිඳ කියා තිබුණේ මෙවන් කතාවක්,

“අපි අල්ලපු ගෙදරකට ගියා කෑමකට.. පවුලේ හැමෝම ඇවිත් හිටියා..සැමියත් ආවා..දරුවා තියාගෙන හිටියේ සැමියාගේ අතේ..දරුවා ඇඬුවා.. මම කිරි දුන්නා..සැමියා කිව්වා ඇතුළට ගිහින් කිරි දෙන්න කියලා..තාත්තා කිව්වා මෙතන අයිනේ ඉඳන් කිරි දෙන්න පුළුවන් නේද කියලා.. මම කියන දේ අහන්නේ නැද්ද කියලා සැමියා ගහන්න ආවා..තාත්තා කිව්වා පුළුවන් නම් මට ගහපන් කියලා..එයා ගෙදරට දුවගෙන ගිහින් කඩුවක් අරගෙන ආවා තාත්තාට ගහන්න..අම්මා අල්ලන්න ගියා.. එයා අම්මාගේ අත කැපුවා..”

මෙම ඝාතන සිදුවීමෙන් පසුව අදාළ 21 හැවිරිදි පියා එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. සිදුවීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමල පොලීසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

සිදුවීම සම්බන්ධව වීඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(1 Vote)