April 23, 2024

"මට මහින්ද එක්ක ඩීල් නැහැ" - රනිල් (VIDEO) Featured

තමන්ට වත්මන් ආණ්ඩුව සමඟ කිසිඳු ගනුදෙනුවක් නැති බවත් තමන් පාර්ලිමේන්තු යන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඩීල් එකක් අනුව යයි එල්ල වන චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෑතකදී මුහුදුබත් වූ නෞකාව ගොඩ ගත්තද වත්මන් ආණ්ඩුව නම් ගොඩ ගැනීමට නොහැකි බවද පවසනවා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය මෝඩ වැඩක් බවත් සජිත් ප්‍රේමදාස යනු අසාර්ථක විපක්ෂ නායකයෙක් බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 21 June 2021 10:26