March 29, 2024

බස්නාහිරට විශේෂයි! අද සිට ක්‍රියාත්මක අලුත්ම කොන්දේසි

දැඩි සෞඛ්‍ය කොන්දේසි යටතේ අද (21) සිට ජූලි මස 5 වැනි දින දක්වා සංචරණ සීමා ලිහිල් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදන කරනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝප දේශ 28ක් පනවා තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් මාර්ගෝපදේශ කිහිපයක් පහතින්,

එක් නිවසකින් පිටතට යා හැක්කේ දෙදෙනෙකුට පමණකි.

පුද්ගලික/කුලී රථ සහ ටැක්සි රථ වල ගමන් කර හැක්කේ දෙදෙනෙකුට පමණි.

වැඩමුළු/සම්මන්ත්‍රණ/ සන්නාම දියත් කිරීම සඳහා බස්නාහිර පළාතේ අවසර නොමැති අතර අනෙක් පළාත්වල අත්‍යවශ්‍ය  නම් පමණක් 25 දෙනෙකු ගේ සහභාගීත්වයෙන්  සිදුකළ හැක.

සුපිරි වෙළෙඳසැල් සෑම පාළාතකම විවෘත කිරීමට අවසර දී ඇති අතර එක් වරකට එම වෙළෙඳසැලේ ධාරිතාවයෙන් 25%ක් පමණක් පාරිභෝගිකයින් ඇතුළු කළ හැකිය.

සාප්පු සංකීරණ බස්නාහිර පළාතේ වසා තබනු ඇත.

දිවාසුරැකුම් මධ්‍යස්ථාන ධාරීතාව 50%ක් පමණක් විය යුතුය.

ක්‍රීඩා ක්‍රීයාකාරකම්  සඳහා තනිව පුහුණුවීමට අවසර ඇති අතර සාමුහික ක්‍රියාකාරකම් සඳහා අවසර නැත.

මංගල උත්සව සඳහා අවසර නොමැති නමුත් මනාලිය සහ මනාලයා ඇතුළු සහභාගීවන්නන් 10 දෙනෙකු සමග විවාහ ය ලියාපදිංචි කිරීමට  අවසර ඇත.

පුජනීයස්ථාන වසා තබනු ඇත.

පුස්තකාල, සිනමාහල්, කෞතුකාගාර වසා තබනු ඇත.

මේ අතර සංචරණ සීමාවන් ඉවත් කිරීමේදී සෑම පළාතකටම පොදුව ලිහිල් කරනු ලබන සීමාවන් සහ බස්නාහිර පළාතට පමණක් සිදුකරනු ලබන සමහර සීමාවන් පිළිබඳව ද වගුවකින් දක්වා ඇත.

එම මාර්ගෝපදේශ මෙසේය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 June 2021 22:54