April 25, 2024

කවුරුත් ඇයි මේකට කුලප්පු වෙන්නේ? - චෝදනා වලට රනිල්ගෙන් පිළිතුරු

"සජිත් ප්‍රේමදාස මහතා මට කියන ඒවට මම පිළිතුරු දෙන්න යන්නේ නෑ. මගේ දේශපාලනය තියෙන්නේ ආණ්ඩුවට නිවරැදි මාර්ගය පෙන්නලා දීම. සජිත් මට ප්‍රශ්නයක් නෙමෙයි." යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තමා පාර්ලිමේන්තු පැමිණෙන්නේ කිසිවෙකුට තර්ජනයක් වීමටවත් කාගෙවත් ප්‍රතිරූපය බිඳ දැමීමටත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

දෙරණ නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

"1949 ඉඳන් අපි ඒ ප්‍රතිපත්තියේ හිටියා. මේ පාර්ලිමේන්තු ජන්දයේදී එක මන්ත්‍රී තනතුරයි අපිට ලැබුණේ.කොහොමද ඒකට පත් කරන්නේ? මම යෝජනා කළා අපි ලැයිස්තුවෙන් කරමු කියලා. රටේ යෝජනා තිබුණා නැහැ ප්‍රධාන චරිතයක් යවන්න ඕනේ පාර්ලිමේන්තුවේ තරග කරලා යූ.එන්.පීයේ කවුරුත් තේරුනේ නැති නිසා. මේ අවස්ථාවේ ඒ ගැන කටයුතු කරන්න කියලා. ටිකක් වාද කරගෙන ගිය නිසා තමයි ටිකක් කාලයක් ගියේ.බොහෝ දෙනෙක්ගේ මතය වුණේ මේ අවස්ථාවේදී ඒ ප්‍රතිපත්ති උඩ ගියොත් සමහර විට සාර්ථක නොවෙන්න පුළුවන්. මට යන්න කියලා ඉල්ලීම් කිහිපයක් ආවා. ඒක ගැන වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ. නමුත් අප්‍රේල් මැයි මාසයේ විශේෂයෙන් මරණ සංඛ්‍යාව වැඩි වුන නිසා කොවිඩ් නිසා. මම හිතුවා මේ ගැන පියවර අරගෙන නැහැයි කියලා. ඒක විශාල ඉල්ලීමක්. අපිට සිදු වුණා මැයි මාසේ රැස්වෙලා තීන්දුව සංශෝධනය කරන්න.කවුරුවත් නැති අවස්ථාවක අපිට පුළුවන් කියලා එහෙනම් අපේක්ෂයෙක් නම් කරන්න. ඉතින් මම අන්තිමට තීරණය කළා මම ඒ වගකීම භාර ගන්නම් කියලා. භාර අරගෙන පාර්ලිමේන්තුවට දැන් එන්නම් කියලා."

"මේ අවස්ථාවේ මම මේ තීරණය ගත්තේ නැත්නම් පස්සේ කාලෙක ඒක පක්ෂයට බලපායි. ඒ නිසා මම මේ තීරණය ගත්තා. කවුරුවත් ඇයි මේකට කුලප්පු වෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නෑ. මං කොහොමද විපක්ෂ නායකකම ගන්නේ. එක මන්ත්‍රී ධූරයයි තියෙන්නේ. මං කියන්නේ අපි සියලු දෙනාම ශක්තිමත් විපක්ෂයක් ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකතු වෙන්න පුළුවන් තැන්වලදි අපි එකට වැඩ කළ යුතුයි. ඒ වෙනුවෙන් මම එන්නේ. අද තානාපති කාර්යාල කතා කරලා කියන්නේ යුද්දෙ කාලෙවත් ඉල්ලුම් පත්‍ර නොදාපු තරම් පිරිසක් දැන් ඉල්ලුම් පත්‍ර දානවා රට අතහැර යන්න කියලා. මම එන්නේ රටේ අදහස් ප්‍රකාශ කරන්න. ආණ්ඩුව යන මාර්ගයේ රටට විශාල හානියක් වෙනවා. ඒ හානිය වළක්වන්න. ඒක කාටවත් තර්ජනයක් නෙමෙයි. කාගෙවත් ප්‍රතිරූප වට්ටන්නත් නෙමෙයි. මට ඩීල් එකක් නෑ.සජිත් ප්‍රේමදාස මහතා මට කියන ඒවට මම පිළිතුරු දෙන්න යන්නේ නෑ. මගේ දේශපාලනය තියෙන්නේ ආණ්ඩුවට නිවරැදි මාර්ගය පෙන්නලා දීම. සජිත් මට ප්‍රශ්නයක් නෙමෙයි. එකට ඉන්නකොට මිත්‍රත්ව ඇති වෙනවා. හැබැයි දේශපාලනය වෙනයි. මහින්ද රාජපක්ෂ විතරක් නෙමෙයි දිනේෂ් ගුණවර්ධන එක්ක මම පාසලේ ඉඳන් එකට හිටියා."

Rate this item
(3 votes)
Last modified on Sunday, 20 June 2021 20:57