April 20, 2024

අද රෑ තීරණාත්මකයි : බැසිල් පිල හා විමල් පිල මුහුණට මුහුණ හමු වේ

අද (20) රාත්‍රියේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මන්දිරයේදී රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ කාරණා දෙකක් මුල් කොටගෙනය.

ජනපතිගෙන් ආණ්ඩු පක්ෂයට සංග්‍රහයක්

ඉන් එකක් වන්නේ අදට යෙදී තිබෙන ජනපතිවරයාගේ 72 වැනි උපන් දිනය නිමිත්තෙන් පැවැත්වෙන භෝජන සංග්‍රහය වනවා.

අනෙක් කරුණ වන්නේ ඊට සමගාමීව පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමයි.

කල්ලි දෙක මුහුණට මුහුණ හමු වීම

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව ආණ්ඩු පක්ෂයේ සිටින බැසිල් රාජපක්ෂ පිල සහ විමල් , උදය , වාසු ප්‍රමුඛ පක්ෂ 12 විකල්ප පිල පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් නිකුත් කළ මතභේදාත්මක ලිපියෙන් පසු මුණගැසෙන පළමු අවස්ථාව මෙයයි.

තෙල් මිල ගණන් වැඩි කිරීමේ වගකීම භාරගෙන අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වමින් උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයාට සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුත් නිකුත් කළ ලිපිය මෙම මත භේදයට හේතු වුණා.

සාගරගේ මූලිකත්වයෙන් පසුපෙළ මන්ත්‍රීවරු රැස්වෙලා

ඉන් පසුව ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුළ සිටින පක්ෂ හා සංවිධාන 12කණ්ඩායම විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේ රැස්වී සාගර කාරියවසම් මහතාගේ එම ලිපිය හෙලා දකින ලිපියකට අත්සන් තැබීමට තීන්දුවක් ගත් අතර නෙළුම් මාවතේ පිහිටි පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 29 දෙනෙකුගෙන් යුත් සාකච්ඡාවක් සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙන බවත් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 June 2021 17:07