April 19, 2024

පාඨලී නිහඬබව බිඳියි - සජිත්ගේ පිලේ පිරිසකට දෙහි කපයි

සමගි ජන බලවේගය තුළ කුමන්ත්‍රණකාරීන් පිරිසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මොවුන් දේශපාලනය නොකරන ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් ලෙසයි ඔහු හඳුන්වන්නේ.

මෙම කණ්ඩායම තමන් සම්බන්ධයෙන් නොයෙකුත් කටකතා පතුරන බවත් ඔවුන් ඉතාමත් සංවිධානාත්මක ලෙස එය සිදුකරන බවත් රණවක මහතා පවසනවා.

කෙසේ වෙතත් තමන් එම කටකතාවලින් කිසි විටෙක නොසැලෙන බවයි ඔහු අවධාරණය කරන්නේ.

පවුල් පාලනයට, සම්බන්ධකම්වලට දේශපාලනය කිරීමකින් තොරව නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන දේශපාලනය කිරීම නිසා බහුතරයකට තමන් ඇතුළු පිරිස අභියෝගයක් වී ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

Rate this item
(6 votes)
Last modified on Sunday, 20 June 2021 13:52