April 23, 2024

කෝටි ගණනක තවත් වැඩක්! සහල් ව්‍යාපාරිකයා හෙලිකොප්ටරයෙන් නොනවතියි!

පොළාන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු හෙලිකොප්ටර් යානයක් මිලට ගත් පුවත පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නා.

බොහෝ පාර්ශව මෙම සිද්ධියට ඇඟිල්ල දිගු කළේ ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා වෙත යි.

කෙසේ වෙතත් අදාළ හෙළිකොප්ටරයේ හිමිකරු තමන් නොවන බවට සිරිසේන මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

මේ අතර හෙලිකොප්ටරයේ හිමිකාර සහල් ව්‍යාපාරිකයා විසින් නව ගුවන් සේවයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. 

එය නම් කොට ඇත්තේ “රත්න ඒවියේෂන්” නමින්.

මෙම නව ගුවන් සේවාවේ ප්‍රචාරක කටයුතු මේ වනවිට ෆේස්බුක් ඔස්සේ ආරම්භ කර ඇති බව ද දක්නට හැකියි.

පුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ රුපියල් කෝටි 12 - 16ත් අතර විවිධ මිල ගණන් යටතේ මේ හරහා හෙලිකොප්ටර් යානා ලබා දෙන බවයි.

මේ අතර රත්න ඒවියේෂන් ෆේස්බුක් පිටුවෙහි “නිව් රත්න සහල්” ව්‍යාපාරය පිළිබඳ සටහන් ද පළ කොට ඇති බව දක්නට හැකි යි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 20 June 2021 13:32