March 29, 2024

රටම අධි අවදානම් කලාපයක්! නවතම කොරෝනා ව්‍යාප්ති සිතියම එළියට Featured

ඉකුත් ජුනි 06 වෙනිදායින් අවසන් වූ අවසන් සති 02ක කාලය තුලදී මෙරට කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය දැක්වෙන නවතම දත්ත සිතියම් වාර්තාව වසංගත රෝග විද්‍යා ඒකකය විසින් එළිදක්වා තිබෙනවා.

ඒ මෙරට එක් එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වල වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අනුවයි.

අදාළ කාලයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී නැත්තේ කොට්ඨාස දෙකකින් පමණක් වන අතර අඩු අවදානම් ලෙස හඳුනාගෙන ඇත්තේ කොට්ඨාස හයක්.

සෙසු සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අධි අවදානම් කලාප ලෙස හඳුන්වා තිබෙනවා.

මේ අතර මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2,169ක් හඳුනා තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 237,582ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 2,134ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 199,393ක් වුණා.

පෙරේදා වාර්තා වූ මරණ 54න් 23 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 31 දෙනා පිරිමි පුද්ගලයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ.

මෙතෙක් මෙරටදී තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,534ක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

Rate this item
(0 votes)