March 29, 2024

"දේශපාලනය තිත්ත වුණා" - ප්‍රබල චරිතයක් සජිත් පිලට යන්න සූදානම්

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හිමි විය යුත්තේ තමාට බව එජාප මන්ත්‍රී ධූරය පිළිබඳ අදහස් දක්වමින් හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසා තිබුණා.

කෙසේවෙතත් මේවන විට වාර්තා වන්නේ ජෝන් අමරතුංග මහතා දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බවයි.

සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වනවාද යන්න විමසූ විට ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරන්නේ ඒ ගැන ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.

සජිත් ප්‍රේමදාස මහතා තමාට එම පක්ෂයේ ප්‍රමුඛතාවය ලබා දෙන බව සඳහන් කරමින් ආරාධාන කළ අවස්ථාවේදී එය නොසලකා එජාපයේ රැඳී සිටි බවත් පෙන්වා දෙන ඒ මහතා නමුත් එජාපය විසින් තමන්ට ලබා දී තිබුණු පොරොන්දු දැන් කඩ කර ඇති බවත් කියා සිටියා. 

එජාප ජාතික ලැයිස්තුවේ මුලින්ම තමාගේ නම සඳහන් කර තිබියදී එය නොසලකා හරිමින් පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය රනිල් වික්‍රමසිංහ ලබා ගැනීම හරහා පරාජය වූ අය පාර්ලිමේන්තු නොයවන බවට වූ ප්‍රතිපත්තිය කඩා බිඳ දමා ඇතැයි අමරතුංග මහතා චෝදනා කරනවා.

මාව රැවැට්ටුවා

මැතිවරණයට ඉදිරිපත් වී පරාජය නොවූ තමන්ට එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හිමිවිය යුතු බවට ස්ථාවරයේ තමා සිටි බවත් එදා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට තමාගේ නම ඉදිරිපත් නොකලා නම් මැතිවරණයට ඉදිරිපත් වීමේ අදහසින් පසුවූ බවත් ඔහු පෙන්වා දෙනවා.

මේවන විට තමාව රවටා ඇති බවයි ජෝන් අමරතුංග මහතා සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට හිමිවු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සඳහා නම් කිරීමට අදාළ ලියකියවිලි මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත යවා ඇතැයි වාර්තා වනවා.

Rate this item
(3 votes)
Last modified on Saturday, 19 June 2021 20:45

Related items