April 19, 2024

පොහොට්ටු ලේකම්ගේ ලියුම පිටුපස ඉන්නේ බැසිල්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සියලුම ප්‍රකාශ පරස්පර බව සමඟි ජන බලවේගයේ සහකාර ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඒ සාගර කාරියවසම් මහතා යැවූ ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මේ සමඟම ආණ්ඩුව ඇතුලේ තිබෙන අර්බුධය මනා ලෙස ඉදිරියට පැමිණ තිබෙන බවද සඳහන් කරනවා.

පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා අමාත්‍යවරයෙකුට ඉල්ලා අස්වෙන ලෙස ලිපියක් යැවීම ඉතාම බරපතල අර්බුධයක් බව පවසනවා.

තෙල් මිල ඉහල දැමීම තුලම ආණ්ඩුවේ එක එක පාර්ශවයන් උත්තර දෙන තත්වයකට අද පැමිණ තිබෙන බවත් සඳහන් කරනවා.

සමහර ඇමතිවරු බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් මෙය සිදු නොවන බව සඳහන් කරන බවත් තවත් ඇමතිවරයෙක් සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් එකේ හෝ නැති නිසා බැසිල් රාජපක්ෂ මහතා තෙල් මිල කෙසේද පාලනය කරන්නේ යන්න බව ද මුජිබර් රහුමාන් මහතා පවසනවා.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නොමැති වුණාට, කැබිනට් එකේ නොමැති වුණාට ආණ්ඩුවේ ප්‍රධාන පුරුකයක් බවද සඳහන් කරනවා.

එතුමා වටා පොදුජන පෙරමුණේ සිටින මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් සිටින බවත් පවසනවා.

සාගර කාරියවසම් මහතා යැවූ ලිපිය පවා එතුමාගේ ඔලුවට පැමිණ යැවූ ලිපියක් නොවන බවත් එම ලිපියට යැවීමට ආත්ම ශක්තිය දුන් ධෛර්ය දුන් කවුරු හෝ එය පිටුපස සිටින බවද පෙන්වා දෙනවා.

තමා සිතනා ආකාරයට එම ලිපිය පිටුපස බැසිල් රාජපක්ෂ මහතා සිටින බවද වැඩිදුරටත් සඳහන් කළා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ හිරු බලය වැඩසටහනට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 June 2021 12:11