March 29, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව ඓතිහාසික කඩයිමක් පසු කරයි

ශ්‍රී ලංකාවේ පළමු චන්දිකාව වන රාවණා 1 (Raavana 1) චන්ද්‍රිකාව කක්ෂගත කර අදට දෙවසරක් සපිරෙනවා. 

2019 වසරේ අප්‍රේල් 17 වැනි දා ඇමරිකාවට අයත් සිග්නස් යානය මගින් මෙම චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන ගියා.

ඉන් හරියටම මාස 2කට පසු එනම් 2019 වසරේ ජුනි 17 වැනි දා රාවණා 1 චන්ද්‍රිකාව පෘථිවිය වටා කක්ෂගත කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ රාවණා 1 සමග නේපාලයේ සහ ජපානයේ චන්ද්‍රිකා දෙකක් ද මේ සමගම කක්ෂගත කෙරුණා.

රාවණා 1 චන්ද්‍රිකාව නිර්මාණය වූයේ මොරටුව, ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉන්ජිනේරුවන් දෙදෙනෙකුවන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා අතින්.

‘කියුබ් සැටලයිට්’ වර්ගයේ චන්ද්‍රිකාවක්වන රාවණා 1, වසර දෙකකට පසු තවමත් සාමාන්‍ය පරිදි ක්‍රියා කරමින් තිබෙන බව තරිඳු දයාරත්න පවසනවා.

රාවණා 1 මගින් ශ්‍රී ලංකාව සහ ඒ අවට චන්ද්‍රිකා ඡායාරූප රැසක් මේවන විට පෘථිවියට එවා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 June 2021 11:59