March 28, 2024

ආහාර ද්‍රව්‍ය දෙකක් හිඟ වෙන ලකුණු - ඉදිරි මාස කිහිපය ගැන අනාවරණයක්

තවත් මාස දෙක තුනක් තුළ බිත්තර සහ කුකුළු මස්වල දැඩි හිඟයක් මතු විය හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ කුකුළු කෑම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුඅමුද්‍රව්‍යවල හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතු වී ඇති බවයි.

මේ වන විට බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවත්, කුකුළු කෑම නිෂ්පාදන අමුද්‍රව්‍ය හිඟයට එය ප්‍රබල හේතුවක් බවත් ඔහු පවසනවා.

එමෙන්ම  ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දේශීය බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 95 දක්වා වැඩි වී ඇති බවයි.

තව ද මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් කුකුළු කෑම නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු ආනයනය කිරීමට අවස්ථාව හිමි වී ඇති බව ද ගුණසේකර මහතා පෙන්වා දෙනවා.

මෙම හේතු නිසා කුකුළු කර්මාන්තයේ නියැලී සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කබලෙන් ළිපට වැටී සිටින බව යි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 June 2021 09:28