March 29, 2024

හැමතැන පඩි කැපෙද්දී පිරිසකට 25%කින් පඩි වැඩි වෙයි

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුම ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

විදුලි බල අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තම සේවක සේවිකාවන් සඳහා 25%ක වැටුප් වැඩිවීමක් ලබා දීමට පියවර ගෙන ඇති බව යි.

ඒ අනුව 2021 - 2023 යන කාල පරිච්ජේදය තුල වසරකට 12% බැගින් මෙම වැටුප් වැඩි කිරීම සිදුකෙරන බව සඳහන්.

විදුලිබල මණ්ඩලයේ සේවකයින් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ දැක්වූ දායකත්වය ඇගයීම උදෙසා මෙලෙස වැටුප් වැඩි කිරීම සිදුකරනු ලබන බවත් විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරනවා.

2019 වර්ෂය වන විට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 97ක් ව පැවති ශුද්ධ අලාභය රුපියල් බිලියන 56ක් දක්වා අඩු කර ගැනීමට කටයුතු කළ බව ද එහි සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 June 2021 06:56