April 25, 2024

"දේශපාලඥයින්ට දේවල් ලැබෙද්දී ජනතාව ක්‍රෝධ වෙන්න එපා" - ඇමති ගොඩහේවාගෙන් අමුතු කතාවක් (VIDEO)

ජනතාව හිතන තරම් සුඛෝපභෝගී වාහන ඇමතිවරුන්ට නැති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරනවා.

මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පල කළා.

ඇමතිවරුන්ට හැමවිටම හමුවන්නේ පැරණි ඇමතිවරුන් භාවිත කළ වසර දහයක් පමණ පැරණි වාහන යැයිද ඔහු පවසනවා.

අද ඇතැම් මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට බස් රථයෙන් පැමිණෙන බවත් ඒ මහතා කියා සිටිනවා.

එනිසා දේශපාලකයන්ට යමක් රජයෙන් දෙද්දී ජනතාව ඒ ගැන ක්‍රෝධයෙන් කතා කිරීම වැරදි බව ද ඒ මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 21:34