April 25, 2024

"නැව සිතාමතා ඇවිලෙන්න ඉඩහැරලා" - අධිකරණයේ දී අමුතු කතාවක් මතුවෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙහි ගින්න නිවීමට මෙරට බලධාරීන් අවශ්‍ය පියවර කිසිවක් නොගත් බවත්, ඔහුන් විසින් සිතාමතා එම ගින්න වර්ධනය වීමට ඉඩ හැරි බවත්, බලධාරීන් එලෙස කටයුතු කළේ නෞකාවෙන් වන්දියක් ලබා ගැනීමේ අරමුණින් බවත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පවසනවා.

එක්ස්ප්‍රස් පර්ල්හි කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා වූ ඔහු මෙම අනාවරණය සිදු කළේ ඊයේ (14) එම කපිතාන්වරයා අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී.

නෞකාව තුළ ගින්නක් පවතින බව සිය සේවාදායකයාවන කපිතාන්වරයා විසින් වරායේ “හාබර්මාස්ටර්වරයා” දැනුවත් කළ බව ද ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව මැයි 20 වැනි දා සවස 4.30ට පමණ හාබර්මාස්ටර්වරයාගේ නිලධාරීන් කණ්ඩායමක් නෞකාවට ගොඩ වූ බව ද ඔහු පවසනවා.

එම නිලධාරීන් පිරිස පැය එක හමාරක් පමණ නෞකාව මත රැඳී සිටිමින් ගින්න නිරීක්ෂණය කළ බවයි කපිතාන්වරයාගේ නීතීඥවරයා සඳහන් කරන්නේ.

එහෙත් අදාළ නිලධාරීන් නෞකාවේ ගින්න නිවීම සඳහා ගත යුතු පියවර කිසිවක් නොගත් බව පැවසූ නීතීඥවරයා, එම නිලදාරීන් ගින්න ව්‍යාප්ත වීමට ඉඩ හැරියේ නෞකාවෙන් වන්තියක් ලබාගැනීමේ චේතනාවෙන් බවයි වැඩිදුරටත් කියා සිටියේ.

අධිකරණයේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකාර කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක බැඳුම්කරයක් මත මුදා හැරීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවත ජූලි මස 01 කැඳවීමට ද නියම කළා.

මේ අතර, යම් අයෙකු චේතනාන්විතව හෝ නොසැලකිලිමත් ලෙස හෝ සමුද්‍රය දූෂණයට ලක් කරන්නේ නම් ඔහුට විරුද්ධව නඩු පැවරිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

image host
Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 13:27

Related items