April 19, 2024

ලොක්ඩවුන් කල ගමක පිරිසක් විරෝධතාවයක - පොලිසියත් සමඟ උණුසුම් තත්වයක් (PHOTOS)

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ආසාදිතයන් ගණනාවක් හමු විම නිසා අද (15) දින දක්වා හුදකලා කර තිබු හැටන් වැලිඔය වත්තේ වතු කම්කරුවන් පිරිසක් ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් අද (15) දින උදෑසන එම වතු යායට පිවිසෙන ප්‍රධාන මාර්ගය අභියස උද්ඝෝෂනයක නිරත වුණා.

ඉකුත් මස (21) දින සිට එම වතු යාය හුදකලා කර තිබු බවත්, හුදකලා කිරිම නිසා තමන්ට රජය විසින් ලබා දෙන කිසිදු සහනාධාරයක් හෝ රජය විසින් අඩු ආදායම්ලාභින්ට ලබා දුන් රු.5000 දිමනාව ලබා නොදුන් බවයි උද්ඝෝෂනයේ නියැලි සිටි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ.

එම වතු යායේ පාලන අධිකාරිය විසින්ද වතු යායේ සියළු දෙනාට සහනාදාර ලබාදිමට කටයුතු නොකල බවත් උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියා.

එම වතු යාය හුදකලා කර තිබිම නිසා ආර්ථික වශයෙන් තමන් දැඩි පිඩාවට පත් වි සිටින බවත්, හුදකලා කර තිබු අනෙකුත් ප්‍රදේශවලට රජය විසින් ලබාදුන් සහනාදාර මල්ල තමන්ට ලබාදිමට කටයුතු කරන ලෙසයි උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

වටවල පොලිසියේ නිලධාරින් උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් හමුවේ කියා සිටියේ වටවල වැලිඔය වතු යාය අද (15) දින හුදකලා භාවයෙන් ඉවත් කල බවත්, ඒ අනුව නිරෝධායන උපදෙස් වලට පටහැනිව උද්ඝෝෂනය සිදු නොකරන ලෙසටද උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන්ට දැඩි ලෙස උපදෙස් ලබා දෙනු ලැබුවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 15:05