April 23, 2024

ජනතාවට රිදෙන තවත් මිල ඉහළ යාමක්!

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ බේකරි හිමියන් විසින් තීරණය කොට අදාළ මිල ඉහළ දැමීම සිදුකර ඇති බවයි. 

ඒ අනුව මාළු පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 5ත් 10 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බව  ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා පිටි හැර අනෙකුත් පිටි වර්ගවල මිල ද ඉහළ දමා ඇති බවයි ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

තෙල් මිල වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමග බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 11:48