March 29, 2024

පොහොට්ටු ලේකම් පිල ප්‍රති ප්‍රහාර අරඹයි: පළමු ප්‍රහාරය සුළු අවියකින්

පොදුජන පෙරමුණ ලේකම් සාගර කාරියවසම් පාර්ශවය උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයාට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කොට තිබෙනවා.

එහි පළමු වෙඩි මුරය එල්ල කොට තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින්.

ලේකම් එලියට දැම්මේ මහජන පීඩනය

පොදුජන පෙරමුණ ලේකම් සාගර කාරියවසම් මහතාගෙන් එළියට ආවේ තෙල් මිල ඉහළ දැමීම මත ජනතාව ඔහුට එල්ල කරන පීඩනය බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

බැසිල් හිටියනම් ගම්මන්පිලගේ මූණටම කියනවා

පොදු ජන පෙරමුණ ලේකම්වරයා බලශක්ති අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස යැවූ ලිපිය පිටුපස බැසිල් රාජපක්ෂ මහතා නොමැති බව පෙන්වා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා රටේ සිටියේ නම් තෙල් මිල වැඩිකිරීම ගැන ගම්මන්පිල ඇමතිවරයාට කියන්න ඕන ටික මූණටම කියන බවයි.

නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා දැඩි බැසිල් රාජපක්ෂ හිතවාදියෙකි.

පොදු ජන පෙරමුණ ලේකම්වරයාගේ ලිපියට ගම්මන්පිල අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් තබමින් ඉකුත් 13 වැනිදා ප්‍රතිචාර දැක්වූ අතර ඊට ප්‍රතිචාර දැක්වීමට සාගර කාරියවසම් මහතා 14 වැනි දින සූදානමින් සිටියද එය යටපත් වුණා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 June 2021 14:54