April 19, 2024

අද සවස තීරණාත්මක සාකච්ඡාවක්: ගෑස් මිල ප්‍රතිඵලයත් ළඟ ළඟම

ගෑස් මිල ගණන් වැඩි කිරිම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (15) සවස 5 ට වෙළඳ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (14) පැවැත්වූ සාකච්ඡාව දිගින් දිගටම ඇදී ගොස් තිබෙන අතර අවසන් වී තිබෙන්නේ තීරණයක් නොමැතිවයි.

වැඩි කරන මිල ගැන කේවල් කිරීමක්

වාර්තාවන තොරතුරු අනුව ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකම කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු.700 කින් වැඩි කරන ලෙසයි ඉල්ලා තිබෙන්නේ.

එහෙත් එහිදී ඊට පාරිභෝගික සේවා අධිකාරිය පැත්තෙන් ප්‍රතිචාර දක්වමින් යෝජනා වී තිබෙන්නේ රු.400කින් ගෑස් මිල වැඩි කිරීම සුදුසු බවයි.

කලින් ඉල්ලීම් වෙනස් වෙයි

මෙම යෝජනා වල විශේෂත්වය වන්නේ මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රු.580කින්ද ලාෆ් ගෑස් සමාගම සිලින්ඩරය රු.540 කින්ද වැඩි කිරීමට ඉල්ලා සිටි අතර අමාත්‍යවරයා එය රු.700 කින් වැඩි කළ යුතු බවට යෝජනා කොට තිබීමයි.

එහෙත් දැන් එම ගණන් හිලව් වෙනස් වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ලාෆ් සමාගමේ සභාපති .ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතාගෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් ගෑස් සිලින්ඩරයකින් රු. 720ක පමණ පාඩුවක් සිය සමාගම ලබන බවයි.

ළඟ ළඟම තීන්දුවක්

වෙළඳ අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉතා ලඟදීම ගෑස් මිලද වැඩි වීමට නියමිතයි.

ගෑස් මිල ගණන් වැඩි විමට නියමිතව තිබෙන්නේ මේ වන විට ඛනිජ තෙල් මිල ගණන්ද ඉහල දමා තිබෙන පසුබිමකය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 11:04