April 23, 2024

සුදුස්සන් හලා දේශපාලන පත්වීම් ලබාදීමේ උත්සාහයක් Featured

ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම තුළ ආරක්‍ෂක අංශයේ නිළධාරි තනතුර සඳහා තෝරාගන්නා ලද 27 දෙනෙකුට පත්වීමේ ලිපි ලබා නොදී නැවත වෙනත් පිරිසක් සඳහා උසස්වීම් ලබාදීමට උත්සාහ කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා.

සේවකයන්ගේ සුදුසුකම් මත දිය යුතු තනතුරු සුදුස්සන් හට නොදී දේශපාලන හෙංචයියන්ට ලබාදීමට උත්සාහ කිරීම පිළිබඳව දැඩි විරෝධය ප්‍රකාශ කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙනවා.

එම නිවේදනය පහතින්,

ශ්‍රී ලංකා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම තුළ සුදුස්සන් හලා දේශපාලන පත්වීම් ලබාදීමේ උත්සාහයක්.

ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම තුළ ආරක්‍ෂක අංශයේ නිළධාරි තනතුර සඳහා තෝරාගන්නා ලද 27 දෙනෙකුට පත්වීමේ ලිපි ලබා නොදී නැවත වෙනත් පිරිසක් සඳහා උසස්වීම් ලබාදීමට උත්සාහ කරමින් සිටී.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ආරක්‍ෂක අංශයේ ආරක්‍ෂක නිළධාරින් ලෙස ප්‍රායෝගික හා සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත් වූ 27 දෙනෙකුගේ පත්වීම් ක්‍රියාත්මක නොකොට දේශපාලන බලපෑම් මත එම තනතුරු සඳහා යළිත් සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමට සුදානම් බව අසාධාරණයට පත් සේවකයෝ පවසති. ප්‍රායෝගික පරීක්‍ෂණයෙන් හා සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත් එම 27 දෙනාට පසුගිය ජූනි 03 වන දින පත්වීම් ලිපි ලබාදීමට සියලූ කටයුතු සූදානම් කර පැවතියත් එය ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයෙකුගේ මැදිහත්වීම මත අවලංගු කර ඇත.

සේවකයන්ගේ සුදුසුකම් මත දිය යුතු තනතුරු සුදුස්සන් හට නොදී දේශපාලන හෙංචයියන්ට ලබාදීමට උත්සාහ කිරීම පිළිබඳව අප දැඩි විරෝධය ප්‍රකාශ කර සිටිමු. සුදුසුකම් ලැබූ සේවකයන්ට පත්වීම් නිසි පරිදි ලබාදෙන ලෙස ද ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන්,
නීතිඥ ජානක අධිකාරි
ප්‍රධාන ලේකම්
අන්තර් සමාගම් සේවක සංගමය.

Rate this item
(5 votes)