April 19, 2024

විමල් ප්‍රමුඛ විකල්ප කණ්ඩායමට මහින්දානන්දගේ ආශිර්වාදය

ආණ්ඩුව තුළ විකල්ප කණ්ඩායමක් සිටීම මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අනුමත කරනවා.

අමාත්‍යවරයා මෙසේ ඇගයීමකට ලක් කරන්නේ පොදුජන පෙරමුණ තුළ සිටින සන්ධානගත පක්ෂ හා සංවිධාන 12කින් සමන්විත විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර අමාත්‍යවරු නායකත්වය දෙන විකල්ප කණ්ඩායමයි.

විකල්ප මත තිබීම අර්බුදයක් නෙමෙයි

වරාය නැගෙනහිර ජැටිය හා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම විකල්ප කණ්ඩායම දැක්වූ ප්‍රතිචාර මත බොහෝ සුබවාදී ප්‍රතිඵල දක්නට ලැබුණු බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පොදුජන පෙරමුණ තුළ විවිධ මත දරන පක්ෂ සිටින බවත් එම පක්ෂ වලට අනන්‍ය වූ මත තිබෙන බවද පෙන්වා දෙන අමාත්‍යවරයා එය ආණ්ඩුව තුළ අභ්‍යන්තර අර්බුදයක් ඇතිවීමට හේතු නොවන බවයි අවධාරණය කරන්නේ.

කෘෂිකර්ම අමාත්‍යවරයාද වන අලුත්ගමගේ මහතා මෙම අදහස් පළ කළේ දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින්.

විකල්ප කණ්ඩායම සක්‍රීය කරවීම

මේ වන විට පක්ෂ හා සංවිධාන 12 විකල්ප කණ්ඩායම යළි සක්‍රීය වී තිබෙන්නේ එම කණ්ඩායමේ සන්ධානගත පාර්ශ්වයක් වන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අමාත්‍යවරයාට තෙල් මිල ඉහළ යෑමේ වගකීම ගෙන ඉල්ලා අස්වන ලෙස පෙරමුණ ලේකම් විසින් දැනුම් දීමත් සමගය.

මේ වන විට විකල්ප කණ්ඩායම සිටින්නේ ඒ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ ලේකම්වරයාට දිගින් දිගටම සිය ප්‍රතිචාර දක්වමින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 09:14