April 25, 2024

ගම්මන්පිල මෝඩයෙක් - හේතුව සරත් ෆොන්සේකා කියයි

උදය ගම්මන්පිල අමාත්‍යවරයා තමන්ගෙ නාමයෝජනා පත්‍රයට අත්සන් කළ ලේකම්වරයාව නොදන්නා මෝඩයෙක් බවයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පෙන්වා දෙන්නේ.

සාගර කාරියවසම් කියන ප්‍රාණියාව තමන් දන්නේ මේ ඊයේ පෙරේදා බවත් ඊට පෙර එහෙම කෙනෙක් ගැන දන්නෙ නැති බවට ගම්මන්පිල අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය පදනම් කොටගෙනයි ෆොන්සේකා මහතා මෙම අදහස පළ කරන්නේ.

නාම යෝජනාවට අත්සන් තැබුවේ ඔහු

පසුගිය මහ මැතිවරණයට පොදුජන පෙරමුණෙන් තරග කළ ගම්මන්පිල අමාත්‍යවරයාගේ නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේ ගම්මන්පිල අමාත්‍ය වරයා නොදන්නවා යැයි කියන සාගර කාරියවසම් මහතා බව ෆොන්සේකා මහතා මතක් කර දෙනවා.

ඔය දෙගොල්ලො කල්ලි දෙකක් නෙමෙයි එකක්

ගම්මන්පිලලා හා කාරියවසම්ලා කණ්ඩායම් දෙකක් නොව පොදුජන පෙරමුණේම එක් කණ්ඩායමක් බවයි ෆොන්සේකා මහතාගේ අදහස.

සමගි ජන බලවේගය සභාපතිවරයාද වන සරත් ෆොන්සේකා මහතා ගම්මන්පිල අමාත්‍යවරයාට මෙසේ ප්‍රතිචාර දැක්වූයේ සමගි ජන බලවේගය මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 June 2021 22:19