April 20, 2024

"පොහොට්ටු ලේකම් පීඩනයෙන්" බැසිල් හිටියා නම් වෙන දේ ගැන ඇමති ලන්සා කියයි (VIDEO)

බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් ඉන්ධන මිල මේ ආකාරයෙන් ඉහළ දැමීමට ඉඩ නොදෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසනවා.

එනිසා ඉන්ධන මිල අඩු කිරීම සඳහා මැදිහත් වන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කරනවා.

එමෙන්ම ජනාධිපති අගමැති ඇතුළු කමිටුවද මේ සඳහා අවධානය යොමු කළ යුතුව ඇතැයි ද නිමල් ලාන්සා මහතා පවසනවා.

එසේ නොවුණහොත් සංචරණ සීමා අවසන් වූ පසු ජනතාව ආණ්ඩුවට විරුද්ධ වූ උද්ඝෝෂණය කරනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 June 2021 18:53