April 18, 2024

සැප වාහන ගැන සජිත්ගේ තීරණය මෙන්න

මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වූ රජයේ යෝජනාව සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ දේශපාලඥයින්ගේ ජීවිත සුඛිත මුදිත කිරීම සඳහා මහජන සම්පත් යොදා ගැනීම සමගි ජන බලවේගය විසින් කිසි දින අනුමත නොකරන බවයි. 

අදාළ අරමුදල් සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එන්නත් ලබාදීම සඳහා උපයෝගී කර ගන්නා ලෙස රජයට බලකර සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා සිට ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. 

Rate this item
(0 votes)