March 29, 2024

පොහොර ඉල්ලා හම්බන්තොට ගොවියෝත් විරෝධතාවයක (PHOTOS)

රිදියගම ව්‍යාපාරයේ වලව වමිඉවුර යටතේ කුඹුරු අස්වද්දනු ලබන අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ කුඹුරු අක්කර 400කට පමණ අවශ්‍ය පොහොර සහනාධාරය නොලැබුන බව පවසමින් ප්‍රදේශයේ ගොවි සංවිධාන කීපයක් එක්ව ඊයේ (13) දින අම්බලන්තොට රිදියගම 04 කනුව ප්‍රදේශයේදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා.

පොහොර සහනාධාරය ඉල්ලා විරෝධතාවයේ නියැලුණු ගොවින් අම්බලන්තොට රිදියගම 04 කනුව ප්‍රදේශයේදී රිදියගම සිට අම්බලන්තොටට දිවෙන මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නියැලුණු අතර ඔවුන් පවසා සිටින්නේ නිසි කලට පොහොර නොලැබීම හේතුවෙන් තම ගොයම් පල විනාශ වෙමින් තිබෙන බවයි.

තමන්ට පොහොර සහනාධාරය ලබා දෙන ලෙස පවසමින් මෙම රජය බලයට පත්වුවත් මේ වනවිට ගොවින් රවටා මේ රටේ මිනිස්සුන්ට කන්න නැතිකරන තත්වයට පත්කර තිබෙන බව ගොවි සංවිධාන නායකයින් පෙන්වා දෙනවා.

(හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

Rate this item
(0 votes)