March 29, 2024

පාස්කු ප්‍රහාරයේ යුක්තිය පතා කාදිනල් හිමිගෙන් අලුත් වැඩක්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිතුමාගේ මංගල්‍යයේ දී ඊයේ (13) කන්නලව්වක් සිදු කළා.

ඒ පාස්කු ඉරිදා අමානුෂික ප‍්‍රහාරයේ වගකිවයුත්තන් සම්බන්ධව ක‍්‍රියා නොකරන දේශපාලනඥයන් සහ වගකීම් පැහැරහරින ඊට අකුල් හෙළන පුද්ගලයන්ගෙන් ඉටු නොවූ යුක්තිය සාධාරණය ඉල්ලමින්.

ඒ වෙනුවෙන් ශාන්ත අන්තෝනි මුනිතුමා මාර්ගයෙන් දෙව් පියාණන් හමුවට ඉල්ලීමක් ඉදිරිපත් කරන බව උන් වහන්සේ පැවසුවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව ඇතැම් දේශපාලනඥයන් දැන සිටි බවත්, එම පුද්ගලයින් වර්තමානයේ දී සුදනන් සේ සිටින බවත් කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නා.

එබැවින් මේ පිළිබඳව සාධාරණ යුක්තිය ඉටුකිරීමට ක‍්‍රියාකරන ලෙසටයි කාදිනල් හිමි දෙව් පියාණන්ගෙන් ආයාචනා කළේ.

එමෙන්ම මේ ප‍්‍රහාරයෙන් ජීවිත අහිමිවූ පුද්ගලයන් දෙවියන් වෙත භාරකරන බව ද කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළා.

මෙම අමානුෂික ප‍්‍රහාරවලට සම්බන්ධව මෙතෙක් සාධාරණ යුක්තිය ඉෂ්ට වී නොමැති බවත් දේශපාලන වාසි ලාභ ප‍්‍රයෝජන බලාපොරොත්තුවෙන් ඉටු නොවූ යුක්තිය වෙනුවෙන් දෙවියන් වෙත මෙසේ කන්නලව් කරන බවත් උන්වහන්සේ වැඩිදුටත් පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 June 2021 18:07