April 20, 2024

බස් රථ සේවකයනුත් අසරණ වෙයි

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සිමා පැනවිමත් සමග පුද්ගලික බස්රථ සේවකයින්ගේ දෛනික ආදායම අහිමිවිම නිසා ඔවුන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බැව් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්රථ සේවක සංගමයේ සභාපති කේ.එස්.ධම්මික මහතා පවසනවා.

ගාල්ල දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව සදහන් කළා.

ඒ මහතා මෙසේ ද වැඩිදුරටත් පැවසුවා.

"මේ රටේ පුද්ගලික බස්රථ සංගම් කිහිපයක් තියෙනවා. නමුත් කිසිදු සංගමයක් බස්රථ සේවකයින් ගැන කථා කරන්නේ නැහැ. අපි කොවිඩ් වසංගතයට මුහුණ දෙන්නේ 2019 ඉදලා. ඒ කාලය තුල ප්‍රවාහන ක්ෂේත්‍රය නැගිටිනවා වැටෙනවා. බස්රථ සේවකයින්ගේ ආදායම් තත්වය බිද වැටිලා තියෙනවා. ඔවුන් දෛනිකව වැටුප් ලැබු පිරිසක්. වෙන කරන්න රැකියාවක් නැහැ. සේවකයින් අන්ත අසරණ තත්වයට පත්වෙලා. සංචරණ සිමා නිසා මගි සේවය ඇණහිටිලා. පුද්ගලික බස්රථ සේවකයින් ගැන කවුරුවත් කථාකරන්නේ නැහැ. ඔවුන් විශාල සේවාවක් කරන පිරිසක්. බස් රථ සේවකයින්ට එන්නත් ලබා දිමේ වැඩපිළිවෙළ පිළිබදවත් සාකච්ඡා කරලා නැහැ.

පුද්ගලික බස්රථ සේවකයින් ජාතික ගමනා ගමන කොමිසම් සභාවේ ලියාපදිංචි කරලා තියෙනවා. නමුත් එහි සභාපතිවරයාත් අපි ගැන කථා කරන්නේ නැහැ. ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. මගින් ගැන බස්රථ හිමියන් ගැන කථා කරනවා. බස්රථ සේවකයින් ගැන කථාකරන්නේ නැහැ අපිට කිසිදු සෙතක් වෙලා නැහැ. වාර්ෂිකව දෙන හැදුනුම්පතටත් මුදලක් අයකරණවා. සේවක මහතුන්ගෙන් යැපෙන විශාල පිරිසක් ඉන්නවා ඔවුන් ඉතා අසරණ තත්වයට පත්වෙලා. අඩුම තරමින් ආදායම් මාර්ග අහිමිවුවන්ට ලබාදෙන රුපියල් 5000 දිමනාවවත් අපිට ලැබි නැහැ."

(ගාල්ල - ලලිත් චාමින්ද )

Rate this item
(0 votes)