March 28, 2024

මහින්ද විශේෂ සාකච්ඡාවක! බලධාරීන්ටත් නියෝගයක්

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම පිළිබඳව අවධානය යොමු කර තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

අගමැතිවරයා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවකදී දරුවන්ගේ රෝග සහ ගැටළු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගන්නා ලෙසයි.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කළ යුතු බව එහිදී අගමැතිවරයා පෙන්වා දී තිබෙනවා.

පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණිය හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාවය දිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා එහිදී අවධාරණය කර ඇත්තේ.

Rate this item
(1 Vote)