March 29, 2024

ලංකාවේ අයට රැකියා දීම බහරේනය අත්හිටුවයි

බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම ශ්‍රී ලාංකිකයින් සඳහා අත්හිටුවීමට එරට රජය තීරණය කර තිබෙනවා.

එය අත්හිටුවීම සිදු කර ඇත්තේ දින නියමයකින් තොරව බවට යි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව පමණක් නොව ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයින්ට ද බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම මෙලෙස අත්හිටුවා තිබෙනවා.

මෙම රටවල් තුළ කොවිඩ් 19 වෛරසය ඉතා දරුණු ලෙස පැතිර යාම මෙම තීරණයට හේතුව යි.

කෙසේ වෙතත් මෙම රටවල පුද්ගලයින් බහරේන්හි පුරවැසිභාවය ලබා ඇත්නම් ඔවුන්ට මෙම තහනම බලනොපාන බවයි එරට බලධාරීන් පවසන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 June 2021 10:18