March 29, 2024

නුවර - මහියංගණ පාරේ අනතුරක්! ජීවිත 1601ක් අහිමි වෙයි (VIDEO)

කුකුළන් 1600ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මහනුවර - මහියංගණ මාර්ගයේ දී අද (11) අනතුරට ලක් වුණා.

ඒ, තෙල්දෙණිය, මොරගහමුල ප්‍රදේශයේ දියි.

මොරගහමුල පාළමෙහි කොටසක් කඩාගෙන ලොරි රථය වැටී තිබුණේ වික්ටෝරියා ජලාශයේ ශාඛාවක්වන ගල්මල් ඔයට යි.

අනතුරින් පසු ලොරි රථය සම්පූර්ණයෙන්ම ජලයේ ගිලී ඇති අතර එහි දී එහි රියදුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දියේ ගිලීම හේතුවෙන් ඔහු මියයන්නට ඇති බවට යි සැක කෙරෙන්නේ.

එමෙන්ම ලොරි රථයේ ඇසුරුම් කර තිබූ පෙට්ටි තුළ සිටි කුකුළන් 1600ම මරණයට පත්ව තිබුණේ ද දියේ ගිලීමෙන්.

මෙම කුකුළන් තොගය බිබිල ප්‍රදේශයේ සිට ගම්පොළ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.

මරණයට පත් රියදුරා එක් දරු පියෙකු බව සඳහන්.

ඡායාරූප සහ වීඩියෝ පහතින්...

Rate this item
(0 votes)
Last modified on Friday, 11 June 2021 22:00

Related items