April 23, 2024

මඩකලපුවටත් ප්ලාස්ටික් කැබලි ගොඩ ගසයි - ගිනිගත් නැවේ දැයි සැකයක්

මන්නාරම වංකාලෙයි මුහුදු වෙරල තීරයට කිසියම් ප්ලාස්ටික් කැබලි තොගයක් ගොඩගැසී ඇති බවට වංකාලෙයි ධීවරයින් පවසනවා.

වංකාලෙයි මුහුදු වෙරල තීරයට පසුගිය දින කිහිපයේම ප්ලාස්ටික් කැබලි වරින්වර ගොඩගැසීම හේතුවෙන් ධීවරයින් මේ පිළිබඳව මන්නාරම පොලීසියට දැනුම් දෙනු ලැබුවා.

අනතුරුව පොලීසිය විසින් නාවික හමුදාව ඇතුලු වෙරලාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැනුම් දී අදාල මුහුදු වෙරලේ නිරීක්ෂණයක නිරත වුණා. එහිදී ගොඩගසා තිබූ ප්ලාස්ටික් කැබලි තොගයක් එක්රැස් කර පරික්ෂණ සඳහා රැගෙන යාම සිදු වුණා.

කෙසේ වෙතත් වංකාලෙයි ධීවරයින් පවසා සිටින්නේ පසුගියද අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අමුද්‍රව්‍ය මේ වන විට මන්නාරම දෙසට පාවී පැමිණෙමින් පවතින අතර ඉදිරියේදී මෙම තත්වය වැඩිවීමේ අවධානමක් පවතින හෙයින් මේ පිළිබඳව බලධාරීන් අවධානය යොමු කල යුතු බවටයි.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)