March 28, 2024

කොවිඩ් එන්නත්වල තෙවැනි මාත්‍රාවකුත්!

කොවිඩ් මර්ධන එන්නත්වල තෙවැනි මාත්‍රාවක් පිළිබඳව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) අදහස් පළ කළා.

ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇනවුම් කර තිබෙන බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇනවුම් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ දී.

තෙවැනි මාත්‍රාවක් පිළිබඳ මෙවැනි කතාබහක් ඇති වුව ද, මෙරට ජනගහනයෙන් අති බහුතරයකට තවමත් කිසිදු එන්නතක පළමු මාත්‍රාව හෝ ලැබී නොමැති වීම විශේෂත්වයක්.

Rate this item
(4 votes)
Last modified on Friday, 11 June 2021 08:14

Related items