April 25, 2024

රටේ ඊලඟ නායකත්වය කාටද? පවුල් දේශපාලනය ගැන නාමල් කතා කරයි

රටේ ඉදිරි නායකත්වයට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පත් කරන බවට මේදිනවල දේශපාලන කරළියේ රාවයක් පැතිරෙමින් පවතිනවා.

ඒ පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කර තිබුණේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට අදාල සුදුසුකම් පවතින බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ අද ලෝකයේ පවුල් දේශපාලනයෙන් ඈත් වෙමින් ඇති බවත් එය යථාර්තය බවත්ය.

අද එය ලෝකයේ යථාර්ථය බවත් ආසන්න රටවල් කිහිපයකින්ම උදාහරණ දැකිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ ස්වර්ණවාහිනි නාලිකාවේ වැඩසටහනක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

නාමල් රාජපක්ෂ මහතා මේ යන්නේ ඉදිරි දේශපාලන නායකත්වය වෙනුවෙන් දැයි එම වැඩසටහනේදී කළ විමසීමකදී ඔහු මෙලෙස අදහස් පළ කළා.

නායකයන් හැදිය නොහැකි බවත් තමන් විසින් නායකයන් ගොඩනැගිය යුතු බවත් ජනතාව ඔහු පිලිගත යුතු බවත් ඇමතිවරයා එහිදී පැවසුවා.

ඉදිරි දේශපාලන ගමන පිළිබඳ වර්තමාන දේශපාලනය තුළ පූර්ව නිගමනවලට පැමිණිය නොහැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ.

Rate this item
(3 votes)