April 23, 2024

"මහ පොළොව ඉල්ලන්නේ ඥානසාර හිමිව" - ඩෑන්ගෙන් රතන හිමිට පණිවිඩයක්

මේ රටේ ජාතික සංවිධාන සියලුදෙනාටම මේ මන්ත්‍රී ධුරයේ අයිතියක් ඇති බවත් එහි වගකීමක් ඇති බවත් ඒ වගකීම ඉෂ්ඨ කළ හැකි එකම නායකයා වන්නේ පුජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් බව නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කර තිබුනේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

ඥානසාර හිමියන් හැර මේ බිමේ සෙල්ලම් කිරීමට කෙනක් නැති බවද පවසනවා.

මැති ඇමතිවරු දණ නමන්නේ ඥානසාර හිමියන්ට බවත් මෙම ජාතියට ශක්තියක් දිය හැකි එකම සංඝරත්නය ඥානසාර හිමියන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම මන්ත්‍රී ධූරය ඥානසාර හිමියන්ට ලබා දෙන ලෙස තමා පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කරනවා.

2025 මේ රටේ ප්‍රභලම දේශපාලන පක්ෂය බිහි කිරීම, ප්‍රභලම දේශපාලන කණ්ඩායම බිහි කිරීමට, ප්‍රභලම දේශපාලන කඳවුර බිහි කිරීමට රතන හිමියන්ට හා ඥානසාර හිමියන්ට හැකි බවත් පවසනවා.

සිංහල ජාතියේ තීරණාත්මක මොහොත රතන හිමි අතේ තිබෙන බවත් එය ඔබවහන්සේගේ දෝතින් ඥානසාර හිමියන්ට පුජා කරන ලෙස ඉල්ලීමක් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 June 2021 19:39