April 19, 2024

සුදර්ශනී ඒ වැඩේ නැහැ: හේතුව හිටපු මන්ත්‍රී හෙලි කරයි

සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිවරයා දැන් කොවිඩ් මර්දන වැඩ කටයුතු කටයුතු වලින් ඉවත් කොට ඇති බවයි වෛද්‍ය නලින්ද ජයතිස්ස හෙළි කරන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුද වන වෛද්‍ය ජයතිස්ස මේ බැව්  හෙළිදරව් කරන්නේ ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට එම ඉරණම අත්වීමට හේතුවූ කරුණු ද පෙන්වා දෙමින්.

ආණ්ඩුවට හිසරදයක් වීම

ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කළ ඔක්සිජන් හිඟකම, හදිසි සත්කාර ඒකක ඇඳන් හිඟකම , PCR නොකල රෝගීන් දහ දහසක් පමණ එළියේ සිටීම යන කරුණු ඒ අතර වන බවයි වෛද්‍ය ජයතිස්ස පෙන්වා දෙන්නේ.

මේ ආකාරයට ඇත්ත කීම පිළිබඳව ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට රටේ ලොකු ගෞරවයක් ඇතිවූ බව පෙන්වා දෙන වෛද්‍ය ජයතිස්ස එය ආණ්ඩුවට හිසරදයක් වූ බවද සඳහන් කරනවා.

සුදර්ශණීට ආතතිය

මීට පෙර ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වසංගතයට මුහුණ දීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය බලාපොරොත්තු වන බව මාධ්‍ය මගින් දැනුම් දුන් අතර ඇය එසේ කළේ පවතින කාර්ය බහුලත්වය මත ඇයට තිබෙන ආතතිය නිසා බවත් රජයට සෞඛ්‍ය අංශ සඳහා වියදම් කිරීමට මුදල් හිඟ කමක් නොමැති බව  ඊට පිළිතුරු ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරියක් වන අතර ඇය ප්‍රාථමික සෞඛ්‍ය හා කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍යවරිය වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 June 2021 12:12