April 20, 2024

රනිල් මැතිසබයට ආ පසු විපක්ෂයේ බල පෙරළියක සළකුණු Featured

එක්සත් ජාතික පක්ෂයට හිමි වී ඇති මන්ත්‍රී ධූරය භාරගෙන රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණි පසු සමගි ජන බලවේගයේ පිරිසක් ඔහු සමග එක්වීමේ සූදානමක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

එම පිරිස 15ක් බවයි ඔහු සඳහන් කළේ.

ඔවුන්ගෙන් ද 10 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වීම ස්ථිර බව යි ඔහු පවසා සිටියේ.

එමෙන්ම එම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ගණනාවක් මේවන විටත් රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා පවත්වා ඇති බව ඔහු ප්‍රකාශ කරනවා.

මෙම පිරිස අතර පාඨලී චම්පික රණවක සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ද සිටින බව ඔහු අනාවරණය කළා.

මෙවන් තත්ත්වයක් මත රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණීමෙන් පසු විපක්ෂ නායක බවට පත්වන්නේ රනිල් ද සජිත් ද යනුවෙන් ඔහු ප්‍රශ්ණ කළා.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 09 June 2021 01:20

Related items