April 24, 2024

යට ඇඳුම් ගැටළුවක්! රනිල් නිසා එජාප මහලේකම් හඬාවැටිලා?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය දරන සමයේ දී සිය නිවසට පැමිණ හඬාවැටුණු බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී කබීර් හෂීම් මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

“සාමාන්‍යයෙන් මිනිස්සු දවස ගානේ යට ඇඳුම් මාරු කරනවානේ. ඔබතුමාගෙ ලේකම්වරු මාරු කරනවා ඒ වගේ. ඇයි ඒ?” යනුවෙන් ඔහු ප්‍රශ්ණ කොට සිටියා.

එයට මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

“ඔබතුමාගෙ ඔය කියන ඇඳුම රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැලෙව්වා. ඔබතුමා දන්නෙත් නෑ. මතකද? මගෙ ගෙදෙට්ට ඇවිල්ලා කිව්වා, ‘කැබිනට් පේපර් එක දානවා මම දන්නෑ’ කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබතුමාව පක්ෂයේ මහලේකම් හැටියට නිර්වස්ත්‍ර කළා. මගෙ ගෙදර ඇවිල්ලා ඇඬුවා ඔබතුමා”

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 June 2021 06:56