April 19, 2024

මේ රජය සම කළ හැක්කේ අර වෘත්තියට - කබීර් හෂීම් (VIDEO)

අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා ඇමරිකානු ඩොලර් බිලියන 32 විදේශ ආදායමක් රට උපයනවා කියලා මේ පාර්ලිමේන්තුවේ දී මීට සති තුනකට පමණ පෙර ප්‍රකාශ කලා. එසේ නම් රටට තිබෙන ආර්ථික අර්බුදය කුමක්ද යයි කබීර් හෂීම් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.

රට මුහුණ දී තිබෙන ඩොලර් හිඟයත් සමඟ මූල්‍ය අස්ථාවරත්වයකට තිබෙන බයට රටේ භෞමික අඛණ්ඩතාව පාවාදෙමින් වරාය නගරය චීනයට දුන්න බවට කබීර් හෂීම් මන්ත්‍රීවරයා චෝදනා කරනවා.

රටේ ස්වෛරීභාවය වල පල්ලට

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ රටේ ස්වෛරීභාවය නොසලකා බදු සහන දී රටේ සම්පත් විදේශිකයන්ට විකිණීමට පටන් ගෙන තිබෙන බවයි.

මේ කොරෝනා වියසනය තියෙද්දි එන්නත ගේන්න කැබිනට් මණ්ඩලයේ තීන්දු ගන්නේ නැතුව කොයි ඉඩම් ටික ද විදේශිකයන්ට විකුනන්නෙ කියා තීරණ ගන්නේ කොයි රටේද කියා
මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.

හොඳම දේපල ටික විදේශිකයින්ට

සෙලන්දිවා නමින් සමාගමක් පිහිටුවාගෙන එම සමාගම හරහා රටේ තිබෙන හොඳම දේපල ටික විදේශිකයන්ට විකුණන්නට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා හෙළි කරන්නේ.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ දළ දේශීය නිෂ්පාදනය හා සංසන්දනය කරද්දි ණය 105 % දක්වා වැඩි වී තිබෙන බවයි.

ලෝකෙ මැද ආදායම් රටවල් අතරින් වැඩිම ණය තියෙන දෙවන රට ශ්‍රී ලංකාව බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පළමු තැන සිටින්නේ ලෙබනනය බවද සදහන් කරනවා.

මේ රජය සමකළ හැක්කේ වෛශ්‍යා ස්ත්‍රීයක් තමන් ළඟට ගනුදෙනුකරුවන් ගෙන්වාගැනීමට හැසිරෙන ආකාරයට බවද මන්ත්‍රීවරයාගේ අදහසයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 June 2021 15:05