April 25, 2024

භික්ෂූන්ට පාහියන්ගලින් ඉවත්වෙන්න කියයි

අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාස භූමියක් ලෙස සැළකෙන බුලත්සිංහල පාහියංගල ගල්ලෙන් විහාරස්ථානයේ භික්‍ෂූන් වහන්සේලාට වහාම ඉවත්වන ලෙස දැනුම් දීමක් සිදු කොට තිබෙනවා.

ඒ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින්.

එම ස්ථානයේ නාය යෑමේ අනතුරු මතුවීම නිසා මෙලෙස දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

සිකුරාදා මධ්‍යම රාති‍්‍රයේදී තමාට කොළඹින් ලද ඇමතුමකින් මෙම දැනුම් දීම ලැබුණු බව ගල්ලෙන් විහාරස්ථානයේ විහාරාධිපති යටගම්පිටියේ චන්දිම හිමි ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව සෙනසුරාදා විශේෂ පරීක්‍ෂණ කණ්ඩායමක් පැමිණ පර්යේෂණයකින් අනතුරුව අවදානම පැහැදිලි කළ බව ද පසුව, බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රසාද් පෙරේරා මහතාගේ උපදෙස් ඇතුව වෙනත් ග‍්‍රාම නිලධාරි කොට්ඨාසයක තාවකාලික නේවාසික ගොඩනැඟිල්ලකට නේවාසික සාමණේර හිමිවරුන් 10 දෙනකු සමග වැඩිය බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 June 2021 16:26