April 25, 2024

පියුමි හංසමාලීට මත්ද්‍රව්‍ය චෝදනා

රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සහ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලී සම්බන්ධයෙන් මේවන විට නිර්මාණය වී ඇති උණුසුම් පුවත් වාතාවරණය පිළිබඳව අපේ ජන බල පක්ෂය අදහස් පළ කොට තිබෙනවා.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් ප්‍රකාශ කරන්නේ පියුමි හංසමාලී ගමන්ගත් බස්රථය ආපසු හැරවීමට උපදෙස් ලබා දී ඇත්තේ ඇගේ "පහස" ලැබූ අමාත්‍යවරු බවයි.

"සමහරක් අමාත්‍යවරු කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපවලින් ඇවිල්ලා අනේ දෙයියනේ ලැජ්ජා නැතුව පියුමිගෙ බස් එක හරවලා ගේන්නලු. ඒ ගේන්න කියන්නෙ මොකුත් නෙවෙයි, පියුමිගෙ පහස ලබපු අමාත්‍යවරු තමයි පියුමිගෙ රහ දන්නේ. ඒක නිසා තමයි පියුමිගෙ ෆෝන් එකට කතා කරලා අර පොලිස් නිලධාරීන්ට කියන්නෙ බස් එක හරවගෙන එන්න කියලා. ඉතින් ඒක නිසා හරි ලැජ්ජයි."

තමන් මත්ද්‍රව්‍ය ජාවාරම් කොට නොමැති බවට පියුමි හංසමාලී ප්‍රකාශ කළ ද, ඇය මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවත්, එය තමන්ට ඔප්පු කළ හැකි බවත් ඩෑන් ප්‍රියසාද් වැඩිදුරටත්‍ ප්‍රකාශ කළා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 06 June 2021 06:57

Related items