April 25, 2024

හැටන්වලත් ඉන්දියාවේ ක්‍රමය : මිනි අළු සිරුරු කොටස් ප්‍රධාන ඔයකට දමලා (PHOTOS)

ඉන්දියාවේ දී පසුගිය කාලයේ ගංඟා නම් ගඟට මිනිස් සිරුරු දැමීමට සම්බන්ධ සිදුවීම් වාර්තා වූ අතර ඊට සමාන වූ සිදුවීමක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

නොර්වුඩ් ආදාහනාගාරයේ ආදාහනය කරන සිරුරවල මිනි අළු සහ දැවී ඉතිරි වන සිරුර කොටස් කෙසෙල්ගමු ඔයට ඉතා සුක්ෂම ලෙස මුදා හරින බවට ප්‍රදේශවාසින් චෝදනා කරයි.

නොර්වුඩ් ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන නොර්වුඩ් ප්‍රදේශයේ පිහිටි අදහනාගාරයේ මේ දිනවල ආදාහනය කරනු ලබන සිරුරවල මිනි අළු සහ දැවි ඉතිරි වන සිරුරු කොටස් එහි සේවකයින් විසින් ආදාහනාගාරය අසලින් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔයට මුදා හරින බවට ප්‍රදේශවාසින් චෝදනා කරයි.

නොර්වුඩ් අදහනාගාරයේ මේ දිනවල කොවිඩ්-19 වෛරසය අසාදනය වි මිය ගිය සිරුර දිනපතා ආදාහනය කිරිමට රැගෙන එන බවත්, එම සිරුරු ආදාහනය කිරිමෙන් පසු එහි සේවකයින් විසින් ඉතා සුක්ෂම සිරුරුවල මිනි අළු සහ ඉතිරි වන සිරුර කොටස් කෙසෙල්ගමු ඔයට බැහැර කිරිම සම්බන්ධයෙන් නොර්වුඩ් ප්‍රාදේශවාසින් කිහිප දෙනෙකුද සිය විරෝධය දක්වා ඇත.ො

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් එම අදහනාගාරයේ භාරව සිටින සේවකයෙකුගෙන් කළ විමසුමකට එම සේවකයා කියා සිටියේ හින්දු භක්තිකයන්ගේ සමාන්‍ය මරණවල සිරුරු ආදාහනය කර එම සිරුරුවල මිනි අළු ඔහුන්ගේ ඥාතින් වෙත භාර දීමෙන් පසු එම ඥාතින් විසින් එම මිනි අළු හින්දු චාරිත්‍ර අනුව කෙසෙල්ගමුඔයේ දිය කරන බවයි.ෙ

කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය යන අයගේ ආදාහනය කිරිමෙන් පසු ඉතිරිවන මිනි අළු සහ සිරුරු කොටස් අදහනාගාරය අවට වලක් කපා එහි වළ දමන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය‍ෙ

ප්‍රදේශවාසින් චෝදනා කරන පරිදි කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය අයගේ ආදාහනය කරන අයගේ සිරුරුවල මිනි අළු සහ සිරුරු කොටස් කෙසෙල්ගමුඔයට බැහැර නොකරන බවත් ඔහු ඒෂියන් මිරර් වෙත පවසා සිටියේය

ආදාහනාගාරයට පහලින් කාසල්රි ජලාශය වන තෙක් නොර්වුඩ් ප්‍රදේශවාසින් රැසක් කෙසෙල්ගමුඔයේ ජලය දෛනික කටයුතු සදහා භාවිතා කරනු ලබයි.

එම ස්ථානයේ ඡායාරූප පහතින්,

රංජිත් රාජපක්ෂ (හැටන්)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 June 2021 12:39