පවතින වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා කුරුණෑගල පොලිසිය තුළ පැවති පිරිත අතරතුර පොලිසිය තුලම කුරුණෑගල නගරාධිපතිගේ උපන්දිනය සමරා කේක් කවපු කුරුණෑගල සහකාර පොලිස් අධිකාරීවරයා නොමනා ක්‍රියාකාරකම් කළ පුද්ගලයකු ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හඳුන්වයි.
84000ක් සිටින පොලිසිය තුළ සිටින සිංහයන් අතර මෙවැනි ගෙම්බන්ද සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ආවේගයෙන් යුතුවය.
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ මූලිකත්වයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවත් සොයා බැලීමෙන් පසු අවශ්‍ය නම් අදාල පොලිස් අධිකාරීවරයාගේ වැඩ තහනම් කිරීමට පවා පසුබට නොවන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වන විට අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා කුලියාපිටිය කොට්ඨාශයට වහාම මාරු කොට ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරයි.
මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අදහස් පල කලේ හිරු නාලිකාවේ වැඩසටහන එක්වෙමිනි.
නගරාධිපතිවරයාගේ උපන් දිනය සැමරීමට අවශ්‍ය කටයුතු මෙන්ම කේක් ගෙඩියද පොලිසිය විසින්ම සිදු කොට ඇති බව වාර්තා වන අතර අදාල සිද්ධිය පිළිබඳව වීඩියෝ පටයක්ද සමාජගත වී තිබේ.