April 16, 2024

හුස්ම ගන්න බැරිව රෝහල් අරන් ගිය මවක් මිය යයි - එකම දරුවා අසරණ වෙයි

හුස්ම  ගැනීමට අපහසු වී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගිය එක්දරුමවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය වී ඇත.

මියගිය මව ගාල්ල කළේගාන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදිවියේ පසුවන තැතැන්තියකි. 

ඇය වසර 10 ක සිට දියවැඩියා රෝගයෙන් පෙලෙන අතර නිවස තුල සිටියදි එක්වරම හුස්ම ගැනීමට අපහසුවීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත. 

කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයේ දී ඇය මියගොස් ඇත.‍

පසුව කරන ලද පී.සී.ආර් පරික්ෂණයේ දී මෙම මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.

මෙම කාන්තාවගේ එකම දරුවා 10 හැවිරිදි වියේ පසුවන අතර පියා විදේශ රැකියාවක නිරතව සිටියි.

මියගිය එක්දරුමවගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන්. කරුණාතිලක මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකරනු ලැබුණු අතර පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යු.සි.පි.පෙරේරා මහතා විසින් සිදු කළේය.

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා කොවිඩ් නිව්මෝනියාවෙන් මෙම මරණය වී ඇති බවට තීන්දු කළේය.

(ලලිත් චාමින්ද - ගාල්ල)

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 May 2021 14:20