March 29, 2024

පස් දරු මවක් නිවසේදීම කොරෝනාවට බිලිවෙයි Featured

බුස්ස පරණවත්ත ප්‍රදේශයේ පදිංචි වයස  අවුරුදු 93ක පස්දරුමවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.

මෙම පස්දරුමව බුස්ස පරණවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය ස්නායු රෝගයෙන් පෙලි ඇති අතර නිවසේ දීම මියගොස් ඇත. මෘත දේහය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරය වෙත රැගෙනවිත් කරණු ලැබු පි.සි.ආර්. පරික්ෂණයේ දි ඇයට කොවිඩ් වෛසරය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.

මියගිය පස්දරුමවගේ හදිසි මරණ පරික්ෂණය රත්ගම හදිසි මරණ පරික්ෂක වයි.එම්.ඒ සාගරිකා නිල්මිණි මහත්මිය විසින් සිදුකරණු  ලැබිය.

 පශ්චාත් මරණ පරික්ෂණය  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  ජානකි වර්ෂාහැන්නදි මහත්මිය විසින් සිදුකරණු ලැබිය.‍

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලටගත් මරණ පරික්ෂකවරිය කොවිඩ් නිව්මෝනියාවෙන් මරණය වි ඇති බවට තින්දු කළාය.

(ලලිත් චාමින්ද - ගාල්ල)

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 May 2021 12:11