March 29, 2024

මාස්ක් නැතුව සුපර්මාකට් එකට ගිහින් විල්බැරෝවේ බඩු ගෙනගිය පුද්ගලයාට වැඩ වරදී

අලුත්ගම ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් වෙත මුව ආවරණ නොමැතිව විල්බැරෝවකින් භාණ්ඩ මිලදී ගෙන ගිය පුද්ගලයාව අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහොමඩ් අජ්වාද් මොහොමඩ් රිම්සාන් නම් මෙම පුද්ගලයා අද උදෑසන දර්ගා නගරයේ සුපිරි වෙළෙඳසැලකින් නිවස අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගෙන විල්බැරෝවක පටවාගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.

ඒ අනුව කළ පරික්ෂණයකදී නිරෝධායන නීතින් කඩ කිරීමේ වරදට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැබැඳි පුවත පහතින්,

වාහනවලින් කඩේ යන්න එපා කියූ නිසා විල්බැරෝවත් අරගෙන කඩේට ගොඩ වෙලා (VIDEO)

Rate this item
(0 votes)